නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඩී.එම්. ඩී.පී.ගුණරත්න 

වයඹ පළාතෙ ගිරිඋල්ල කලාපයේ අලව්ව කොට්ඨාශයට අයත් ව/ගිරි/ශ්‍රී රාහුල ම.ම.වි. (ජාතික පාසැල )අලව්ව ප්‍රදේශයට තිබෙන වටිනා සම්පතක් ලෙස මම දකිමි. ඉගෙනීම් ක්‍රියාවලිය පමණක් නොව සම්පුර්ණ දරුවෙකු බිහි කිරීමට අවැසි විෂය සමගාමී,විෂය බාහිර ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වන පාසලකි. 21 වන සියවසේ දරුවන් ඉගෙනුම් කුසලතා ප්‍රගුණ කිරීමේදී , නිර්මාණශිලිත්වය , විචක්ෂණ ශීලි චින්තනය , සහයෝගී කත්වය , මනාසන්නිවෙදන හැකියාව වැනි මනවගුනංග තම තුලට ආරෝපණය කර ගත යුතු වේ. මේ කුසලතා 4 දරුවන් තුල වර්දනය වීමට තොරතුරු තාක්ෂණ සංක්ෂරතාවය  ප්‍රගුණ වීම අත්‍යවශ්‍ය වේ. පාසල් වෙබ් අඩවිය හරහා දරුවන්ට හෝ සම්බන්ද වෙනත් පාසල් ප්‍රජාවට පාසැල පිළිබද අධ්‍යපන ප්‍රගතිය මෙන්ම විෂය බාහිර කටයුතු පිළිබද තොරතුරු , ජයග්‍රහණ නිවරදිව ලබා ගතහැක . එමෙන් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියටද මහගු පිටුවහලකි. මෙම කරතාවය සාර්ථක කරගැනීම සදහා උරදුන් දරුවන්ට , විශයභාර ගුරුබවතුන්ට හා අන් සියලුදෙනාටත් මගේ හර්දයන්ගම ස්තුතිය පිරිනමමි . දරු දෙරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වේවායි ප්‍රර්ථනා කරමි 

Mrs. ඩී.එම්. ඩී.පී.ගුණරත්න 
නියෝජ්‍ය විදුහල්පති
ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලය.